27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsතවත් ඩීසල් නැවක් අද මෙරටට

තවත් ඩීසල් නැවක් අද මෙරටට

ඩීසල් මෙට්‍රික් ටොන් 28,300 ක් රැගත් තවත් නෞකාවක් අද (04) පස්වරුවේ මෙරටට පැමිණෙන බව බලශක්ති අමාත්‍යංශය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක අතිරේක ලේකම්, චාමින්ද හෙට්ටිආරච්චි සඳහන් කළේ ,එම නෞකාවේ ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 9,000 ක් ද පවතින බවය.

නෞකාවේන් ඉන්ධන නිදහස් කර ගැනීමට අවශ්‍ය ණයවර ලිපි සඳහා ඇ.ඩොලර් මිලියන 40 කට ආසන්න මුදලක් ගෙවිය යුතුවේ.

ඒ සඳහා වන ගෙවීම අද (04) සිදුකරනු කිරීමට නියමිතය.

මේ වන විට මෙරටට පැමිණ ඇති මෙට්‍රික් ටොන් 37,300 රැගත් නෞකාවේ ඩීසල් වෙළෙඳපොළට බෙදාහැරීමේ කටයුතු අද ආරම්භ කරන බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ ය.

එහි මාධ්‍ය ප්‍රකාශක අතිරේක ලේකම්, චාමින්ද හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, ඒ අනුව දැනට පිරවුම්හල්වල පවතින ඩීසල් හිඟය ක්‍රමයෙන් පහව යනු ඇති බවයි.

කෙසේ වෙතත් ඩීසල් ලබා ගැනීම සඳහා ඊයේ (03) මැදයම් රැය වන තුරුත් බොහෝ නගරවල ඉන්ධන පිරවුම්හල් අසල ජනතාව පෝලිම්වල රැදී සිටියහ.