― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමගේ කාලේ මේ වගේ විදුලි අර්බුද, වැඩවර්ජන තිබුණේ නැහැ

මගේ කාලේ මේ වගේ විදුලි අර්බුද, වැඩවර්ජන තිබුණේ නැහැ

මීට ඉහතදී තමා විදුලිබල අමාත්‍ය ධුරයෙහි දැරූ යුගයේදී මෙවැනි විදුලි අර්බුද, වැඩවර්ජන නොතිබුණු බවත් විදුලිබල ක්ෂේත්‍රය අර්බුදවලින් තොර සාර්ථක මට්ටමකට ගෙනඒමට සැමගේම උදවු උපකාර බලාපොරොත්තු වන බවත් විදුලිබල ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි පැවසීය.

ඇය මේ බව ප්‍රකාශ අක්ලේ අද (04) පෙරවරුවේ නව විදුලිබල අමාත්‍ය ධූරයෙහි වැඩ බාරගැනීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙසේද කීය.

“මීට ඉහතදී මම විදුලිබල අමාත්‍ය ධුරයෙහි වැඩකළ යුගයේදී ඉතාමත් සාර්ථක අන්දමින් ඒ කටයුතු ඉටුකරන්න මට හැකිවුණා. මම විදුලිබල අමාත්‍ය ධූරය බාරගන්නා අවස්ථාවේදී ඛනිජතෙල් සංස්ථාවට මිලියන ගණනක විශාල ණයක් තිබුණා. එම ණය මුදලත් පියවා ගනිමින් විදුලිබල ලාභ ලබන ආයතනයක් බවට පත් කරන්න එදා මට හැකියාවක් ලැබුණේ විදුලිබල අමාත්‍යාංශය, විදුලිබල මණ්ඩලය වගේම අනෙකුත් ආයතනවල පූර්ණ සහයෝගය නොඅඩුව ලැබුණ නිසයි.

ඇත්ත වශයෙන්ම ඒ යුගයේ විදුලි අර්බුද, වැඩවර්ජන ආදිය පැවතුනේ නැහැ. ඒවගේම බ්‍රෝඩ්ලන්ඩ්, උමා ඔය වගේ ව්‍යාපෘති ආරම්භ කරන්නත් අපට හැකිවුණා වගේම මම අමාත්‍ය ධූරයෙන් ඉවත්වන විට එම ව්‍යාපෘති 75% කට වඩා අවසන් කරන්නත් මට හැකිවුණා. අපි ලැබූ සුවිශාලම ජයග්‍රහණය තමයි යුද්ධය පැවති උතුරු නැගෙනහිර ප්‍රදේශ ඇතුළුව මේ රටේ ජනතාවගෙන් 98% කට පමණ විදුලිය ලබාදීමට හැකිවීම. ඇත්ත වශයෙන්ම ඒ යුගය ඉතාමත් සාර්ථක, ශක්තිමත් යුගයක් වුණා. අපි නැවතත් එකාමෙන් එකමුතුව වැඩකර, මේ වසර ඇතුළත මෙගාවෛාට් 100ක් වත් ජාතික විදුලිබල පද්ධතියට එක්කරමින් නැවතත් විදුලිබල ක්ෂේත්‍රය අර්බුදවලින් තොර සාර්ථක මට්ටමකට ගෙනඒමට ඇපකැප වී කටයුතු කරමු.”