Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

බාල ඖෂධ 16ක් භාවිතයෙන් ඉවතට

ප්‍රමිතියෙන් තොර ඖෂධ සහ ශල්‍ය උපකරණ 16ක් භාවිතයෙන් ඉවත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය පවසනවා. මෙම ඖෂධ භාවිතයෙන් ඉවත් කර ඇත්තේ පසුගිය...
HomeNewsPoliticalමුදල් ඇමති හත්පොලේ ගාගෙන දැන් බබා වෙන්න හදනවා

මුදල් ඇමති හත්පොලේ ගාගෙන දැන් බබා වෙන්න හදනවා

රට දැවැන්ත අර්බුදයකට වැටි තිබෙන අවස්ථාවේදී ඇමතිවරුන් ඉවත් කරමින් දේශපාලන නාඩගම් පෙන්වීමෙන් පළක් නොවන බවත් ඇමතිලා මාරු කනවා නම් මුලින්ම අයින් කළ යුත්තේ මුදල් අමාත්‍යවරයා බවත් සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක එස්.එම්. මරික්කාර් පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ හදිසි කැබිනට් සංශෝධන සම්බන්ධයෙන් අද (04) කළ විමසුකදී ප්‍රතිචාර දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

“අද රට දැවැන්ත අර්බුදයකට වැටිලා. ජනතාව වරු ගණන් පෝලිම්වල. ඉන්ධන නෑ, විදුලිය නෑ, තව ටික දවසකින් කන්නත් නෑ. මුදල් ඇමතිවරයා තමන්ගේ හෙන්චයියන් දාලා මේවා තමන්ගේ වැඩ නෙමෙයි කියන්න හදනවා.

මේ මුදල් ඇමති ෆේල්. දැන් ඒක වහන්න වෙන ගේම් එකක් ගහනවා. මේවා ඔක්කොම මොළ හතක් කියලා හත්පොලේ ගාගත්ත එක වහන්න කරන වැඩ. ඇමතිලා මාරු කරන්න ඕන නම් ඉස්සෙල්ලාම කරන්න ඕනෑ රට මේ තත්ත්වයට දාපු මුදල් ඇමතිි අයින් කරන එකයිි.”