29 C
Colombo
Tuesday, November 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුහුණට මුහුණ සාකච්ඡාවකට යුක්‍රේන ජනපතිගෙන් ඇරයුම්

මුහුණට මුහුණ සාකච්ඡාවකට යුක්‍රේන ජනපතිගෙන් ඇරයුම්

රුසියානු ජනාධිපතිවරයා සමඟ මුහුණට මුහුණ සාකච්ඡාවක් සදහා අවස්ථාව ලබාදෙන ලෙස යුක්‍රේන ජනාධිපති වොලොද්මීර් සෙලෙන්ස්කි ඉල්ලීමක් කර තිබේ.

යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙම යුද්ධය අවසන් කිරිම සදහා අවශ්‍ය එකම විසදුම එවැනි සාකච්ඡාවක් පමණක් බවය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුක්‍රේන ජනාධිපතිවරයා සදහන් කළේ තමන් රුසියාවට ප්‍රහාර එල්ල නොකරන බවත් තම භුමියෙන් ඉවත් වන ලෙසත් රුසියානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවය.

මේ අතර රුසියානු සහ යුක්‍රේන නියෝජිතයින් අතර ඊයේ පැවැති සාකච්ඡාවකදි සිවිල් වැසියන් සදහා ආරක්ෂක මානුෂිය කොරිඩෝවක් සකස් කිරිමට දෙපාර්ශවය එකඟතාව පළ කර ඇති බව වාර්තා වෙයි.