24.5 C
Colombo
Tuesday, January 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිරාට් කෝලිගේ සියවැනි ටෙස්ට් තරඟය 45න් දැවෙයි

විරාට් කෝලිගේ සියවැනි ටෙස්ට් තරඟය 45න් දැවෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දිය කණ්ඩායම අතර පැවැත්වෙන තරග 2 කින් යුත් ටෙස්ට් තරගාවලිය අද (04) පන්ජාබ් හී මොහාලී ක්‍රීඩාංගණයෙදී ආරම්භ වුනා.

තීරණාත්මක කාසියේ වාසිය දිනාගැනීමට රෝහිට් ශර්මා සමත්වු අතර ඔහු ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කලා.

ඒ අනුව පිටියට පිවිසි නායක රෝහිත් ශර්මා සහා මායන්ක් අගර්වාල් වේගවත් ආරම්භයක් ලබාගනිමින් ශ්‍රී ලංකා පන්දුයවන්නන් හට දැඩි පීඩනයක් එල්ල කිරීමට සමත්වීම විශේෂත්වයක්.

කෙසේ නමුත් 10 වන පන්දුවාරයේ ක්‍රියාත්මක වු ළහිරු කුමාර මුලු ලකුනු පුවරුව 52 ක් ව තිබියදී ඉනිමේ ප්‍රථම කඩුල්ල ලෙස රෝහිත් ශර්මාව ලකුනු 29(28) කට දවාගැනීමට සමත්වුනා.

ඒ “ ෆයින් ලෙග් ” කලාපයේ පන්දුරකිමින් සිටි සුරංග ලක්මාල් රැක ගත් උඩ පන්දුවත් සමගයි.

පන්දු 49 කදී ලකුනු 33 ක් ලබා සිටි මායන්ක් අගර්වාල් ඉනිමේ 19 වන පන්දුවාරයෙදී දවාගැනීමට වමත් දඟ පන්දුයවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙනිය සමත් වුනා.

මායන්ක් දැවී ගියේ ඇඹුල්දෙනිය යොමු කල පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින්.

ඔහු දැවී යන විට මුලු ලකුනු පුවරුව දැක්වුනේ ලකුනු 80 ක් ලෙසයි.

තම 100 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන විරාට් කෝලි ලකුණු 45කට දැවී ගියා.