31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරුසියාව තුළ සියලු සමාජ මාධ්‍ය අවහිර කරයි

රුසියාව තුළ සියලු සමාජ මාධ්‍ය අවහිර කරයි

රුසියාව තුළ වහාම ක්‍රියාත්මකවන පරිදි ෆේස්බුක් සහ ට්විටර් සමාජ ජාල තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියානු රජය ෆේස්බුක් අවහිර කර ඇති බව සිකුරාදා නිවේදනය කළ අතර එය නිවේදනය කර පැය කිහිපයක් ඇතුළත ට්විටර්ද අවහිර වී ඇති බවක් පෙනෙන්නට ඇතැයි සදහන් කළේය.

පෙබරවාරි 24 වැනිදා යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු හුවමාරු වෙමින් පවතින සාවද්‍ය තොරතුරු සඳහා වැට බැඳීමක් ලෙස මෙම පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

රුසියාවේ මාධ්‍ය නියාමක රොස්කොම්නාඩ්සෝර් පවසා ඇත්තේ ෆේස්බුක් විසින් රුසියානු මාධ්‍ය සහ තොරතුරු විකෘති කොට ප්‍රචාරය කිරීම් 26ක් වාර්තා වී ඇති බවය.

මේ අතර ෆේස්බුක් අයත් ප්‍රධාන සමාගම වන මෙටාහි ගෝලීය කටයුතු පිළිබඳ සභාපති නික් ක්ලෙග් පැවසුවේ “අපගේ සේවාවන් යථා තත්ත්වයට පත් කිරීම සඳහා අපට කළ හැකි සෑම දෙයක්ම අපි දිගටම කරගෙන යන්නෙමු.“ යනුවෙනි.