26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalවිමල්ලා ගම්මන්පිලලා රටට පිළිලයක් - තිස්සකුට්ටිආරච්චි

විමල්ලා ගම්මන්පිලලා රටට පිළිලයක් – තිස්සකුට්ටිආරච්චි

“ආණ්ඬුව මේ තරම් අභියෝග මැද වැඩ කරගෙන යද්දී තමන්ගේ නොහැකියාව වහගෙන ආණ්ඬුව ඇතුළේ ඉන්න ගමන් විවේචනය කරමින් ජනතාව ඉස්සරහට ගිහින් අඬන විමල් වීරවංශ, උදය ගම්මන්පිල වගේ හිටපු ඇමැතිවරුන් මේ රටටම පිළිලයක්” යැයි පර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස කුට්ටිආරච්චි ඊයේ (04) පැවැසීය.

ඒ අය මොනතරම් ආණ්ඬුව විවේචනය කළද ආණ්ඬුව කරගෙන යන වැඩපිළිවෙළ ඉදිරියටම කරගෙන යන බවද හෙතෙම කීය. මන්තී‍්‍ර තිස්ස කුට්ටිආරච්චි මෙසේද කියා සිටියේය.

ආණ්ඬුවේ ඇමැතිවරුන් ඉතා වගකීමෙන් වැඩකටයුතු කරගෙන යන අවස්ථාවේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර කියන ඇමැතිවරුන් ජනතාව ඉස්සරහට ගිහින් තමන්ගේ දුක් අඳෝනාව කියනවා.

මේ වගේ ආණ්ඬුව විවේචනය කරන අය ඉවත් කරන්න කියලා පසුපෙළ මන්ත‍්‍රීවරුන් හැටියට අපි ජනාධිපතිතුමා හමුවෙලා ඉල්ලා සිටියා. අපේ හඬට ඇහුම්කන් දුන් එතුමා මේ ආණ්ඬුව විවේචනය කරන ඇමතිවරුන් ඒ ධුරවලින් ඉවත් කළා.

04 වැනිදා පවා මේ අය මාධ්‍ය සාකච්ඡුාවක් තියලා ආණ්ඬුව විවේචනය කළා. මේ අය මොනවා කිව්වත් ආණ්ඬුව සැලෙන්නේ නැහැ. සමහර විට අපිට තුනෙන් දෙකේ බලය නැති වේවි. තුනෙන් දෙකේ බලය ආණ්ඬුවට නැහැ කියලා රට වෙනුවෙන් වැඩ කරන එක නවත්වන්නේ නැහැ.