27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNews2022 වසරේ මීළඟ පාසල් වාරය අනිද්දා ඇරඹේ

2022 වසරේ මීළඟ පාසල් වාරය අනිද්දා ඇරඹේ

2022 වසරේ මීළඟ පාසල් වාරය අනිද්දා (07) ආරම්භ වේ.

ඒ, 2021 අපොස උසස් පෙළ විභාගය පැවැත්වීමෙන් අනතුරුවයි.

නව පාසල් වාරය පැවැත්විය යුතු ආකාරය සම්බන්ධයෙන් දැනුවත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් නව චක්‍රලේඛයක් ද නිකුත් කරනු ලැබ තිබේ.

ඒ අනුව සිසුන් 20ක් දක්වා සිටින පන්තිවල සියලු සිසුන් සෑම දිනකම පාසල් වෙත කැඳවිය යුතුයි.

සිසුන් 20 සිට 40 දක්වා අධ්‍යාපනය ලබන පංතිවල සිසුන් කාණ්ඩ දෙකකට වෙන්කර සතියක් හැර සතියක් අධ්‍යයන කටයුතු සිදු කළ යුතු බව අදාළ චක්‍රලේඛනයේ දැක්වේ.

පන්තියක ඉගැනුම ලබන සිසුන් සංඛ්‍යාව 40 ට වැඩි නම්, කොටස් 03කට වෙන්කර අධ්‍යයන කටයුතු සිදු කළ යුතු වේ.

නව චක්‍රලේඛයට අනුව පාසලට නොකැඳවන සිසු කණ්ඩායම් සඳහා විකල්ප ඉගැනුම් ක්‍රමවේද භාවිත කරමින් අදාළ විෂය කොටස් ආවරණ කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා පළාත් අධ්‍යාපන ලේකම්වරුන් ප්‍රමුඛ අධ්‍යාපන බලධාරින්ට හා විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබේ.