― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඅත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ඇතුළත් ලේඛණය ගැන තීරණය අද

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ඇතුළත් ලේඛණය ගැන තීරණය අද

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ නම් කළ ලැයිස්තුව අද (07) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ඒ සදහා අමාත්‍ය මණ්ඩලයේ නිර්දේශය ලැබුණු පසු ඊට අදාළ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කරන බව මුදල් අමාත්‍යාංශය සදහන් කරයි. රට තුළ පවතින ඩොලර් අර්බුදයට විසඳුමක් ලෙස අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 600ක් මෙරටට ගෙන්වීම තාවකාලිකව අත්හිටුවීමට පසුගියදා තීරණය කළේය.

කෙසේවෙතත් කාණ්ඩ 11ක් යටතේ භාණ්ඩ 623ක් ආනයනය සීමා කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව ඉකුත් වසරේ සැප්තැම්බර් 9 වැනිදා සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරුණි. ඒ අනුව දැඩි ආනයන සීමා පනවා තිබූ භාණ්ඩ අතරට ජංගම දුරකථන, විදුලි උපකරණ, ළදරු ඇඳුම්, යට ඇදුම් ඇතුලු නිමි ඇදුම්, පාවහන් මෙන්ම ඇපල්, මිදි, දොඩම්, චීස් බටර් ඇතුලු ආහාර ද්‍රව්‍යද ඇතුළතිය.

අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන භාණ්ඩ ආනයනය කිරීම සඳහා පනවා තිබූ එම සීමා පසුගිය වසරේ ඔක්තෝම්බර් 01 වැනිදා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවනු ලැබීය.