28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅදත් පැය හතහමාරක විදුලි කප්පාදුවක්

අදත් පැය හතහමාරක විදුලි කප්පාදුවක්

අදත් දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලි බල මණ්ඩලය සිදුකළ ඉල්ලීමකට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අවසර ලබාදී තිබේ.

උදෑසන 8 සිට රාත්‍රී 11 දක්වා කාලය තුළ මෙලෙස විදුලි කප්පාදුව සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේය.

E සහ F කලාපවලට පැය 7 මිනිත්තු 30ක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිත අතර P,Q,R,S,T,U,V කලාපවලට පැය 3 කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.

E කලාපය සඳහා පෙරවරු 8 සිට පස්වරු 1 දක්වාත්, සවස 6 සිට රාත්‍රි 8.30 දක්වාත් විදුලිය කැපීමට සැලසුම් කර තිබේ.

F කලාපය සඳහා පස්වරු 1.00 සිට පස්වරු 6.00 දක්වාත් රාත්‍රි 8.30 සිට රාත්‍රි 11.00 දක්වාත් විදුලිය විසන්ධි කිරීමට නියමිතය.

T සහ U කලාපවල පෙරවරු 9 සිට පෙරවරු 11 දක්වාත් පස්වරු 5 සිට 6 දක්වා විදුලි කප්පාදුවක් සිදුවන අතර Vසහ W කලාප සඳහා පෙරවරු 11 සිට පස්වරු 1 දක්වාත්, පස්වරු 6 සිට රාත්‍රි 7 දක්වාත් විදුලි කප්පාදුව සිදුකෙරේ.

R සහ S කලාපවලට පස්වරු 1 සිට පස්වරු 3 දක්වාත් රාත්‍රී 7 සිට රාත්‍රි 8 දක්වාත්  P සහ Q කලාපවලට පස්වරු 3 සිට පස්වරු 5 දක්වාත් රාත්‍රි 8 සිට රාත්‍රි 9 දක්වාත් විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.

කෙසේවෙතත් කැලණිතිස්ස බලාගාරයට අවශ්‍ය ඉන්ධන තොග ලැබීමත් සමග එහි විදුලි උත්පාදන කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.

මේ අතර විදුලි ඒකකයක් සඳහා වැය මුදල ඉහළ දමමින් විදුලි මිල ඉහළ දැමීමේ සුදානමක් පවතින බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පැවසුවේ ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විට සැලසුම් කර ඇති බවය.ඔබේ