26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅමෙරිකාව රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් 12ක් පිටුවහල් කරයි

අමෙරිකාව රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් 12ක් පිටුවහල් කරයි

රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් 12 දෙනෙකු අමෙරිකාව විසින් පිටුවහල් කිරීමට තීරණය කර තිබේ.

සිය රට තුළ රහස් බුද්ධි අංශ සම්බන්ධ තොරතුරු සොයා බැලූ බවට මෙම නිලධාරීන් වෙත අමෙරිකාව මීට පෙර චෝදනාවක් ගොනුකර තිබිණ.

අමෙරිකාවේ වොෂිංටන්හි පිහිටා ඇති රුසියානු තානාපති කාර්යාලය සමග වැඩකටයුතු කළ මෙම රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිස යළි මොස්කව් වෙත ගොස් තිබේ. නිව්යෝර්ක්හි ජෝන් එෆ් කෙනඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් එම පිරිස රැගත් රජයේ ගුවන් යානයක් මොස්කව් බලා පිටත්ව ගොස් ඇති බවයි, විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මෙම රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් පිටුවහල් කිරීම සම්බන්ධයෙන් රුසියානු විදේශ අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, අමෙරිකානු රජය විසින් අදාළ රාජ්‍ය තාන්ත්‍රිකයන් පිළිනොගැනීම නිසා යළි මව් රටට කැඳවා ගත් බවයි.

නමුත්, රුසියාව, යුක්‍රේනය සම්බන්ධයෙන් ගෙන යනු ලබන ආක්‍රමණශීලී වැඩපිළිවෙළ හේතුවෙන්, අමෙරිකාවට එල්ල වී ඇති තර්ජනයක් ලෙස සලකා මෙලෙස රාජ්‍ය තාන්ත්‍රිකයන් පිටුවහල් කිරීමට කටයුතු කර ඇති බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ.