30 C
Colombo
Wednesday, August 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඉතිහාසයේ අසාර්ථකම මුදල් ඇමතිවරයා ලෙස බැසිල් ඉතිහාසගත වෙනවා

ඉතිහාසයේ අසාර්ථකම මුදල් ඇමතිවරයා ලෙස බැසිල් ඉතිහාසගත වෙනවා

මොළ හතේ මුදල් ඇමති ඉතිහාසයේ අසාර්ථකම මුදල් ඇමතිවරයා ලෙස ඉතිහාසගත වීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ලෝකයේ අනෙකුත් රටවල් අර්බුදයට මුහුණ දෙන්නේ කෙසේදැයි සැලසුම් සකස් කරමින් සිටින නමුත් ලංකාවේ ආණ්ඩුව එවැනි කිසිම අර්බුදයකට සූදානම් නැති බව හෙතෙම එහිදී ප්‍රකාශ කළේය.

ආණ්ඩුව කටයුතු කරන්නේ අර්බුදයක් ඇති නොවෙන ගානට නමුත් ලංකාව මේ වන විට බංකොලොත් වෙමින් යන රටක් බවට ලෝක ආර්ථික දර්ශක පෙන්වා දී තිබෙන බව ඔහු අවධාරණය කළේය.