― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsනැදුන්ගමුවේ රාජා දිවිසැරිය නිම කරයි

නැදුන්ගමුවේ රාජා දිවිසැරිය නිම කරයි

මහනුවර ඇසළ මහා පෙරහැරේ දළදා කරඬුව වැඩම කරවමින් ඉමහත් ගෞරවාදරයට පත් නැදුන්ගමුවේ රාජා ඇතා අද (07) අලුයම මියගොස් තිබේ.

මිනිසුන්ගෙන් පවා වැඳුම් පිදුම් ලබන්නට තරම් සධාතුක කරඬුව වැඩමවන මෙම රාජා හස්තිරාජයා භාග්‍යයවන්ත විය. ඒ උතුම් කාර්යය ඉටුකරන්නට කල්ප කාලාන්තරයක් පෙරුම් පුරා මේ භවයේදී පින් සැපිරූ නැදුන්ගමුවේ රාජා මීට 69 වසරකට පෙර බුදුන් උපන් දේශයේ උපත ලැබීය. අවුරුදු පහක් තරම් වූ කුඩා අවදියේදී ලංකාවට පැමිණි රාජා 2006 වසරේ සිට මහනුවර ශ්‍රී දළදා මාලිගයේ පෙරහරේ සාධාතුක කරඬුව වැඩම කරවන්නේ ආසියාවේ උසම හීලෑ දළ ඇතා ලෙසින් තම නමට ලියවුණු ගෞරවයද පෙරදැරිවය.

ශ්‍රී දළදා වහන්සේ උදෙසාත් සතර මහ දෙවිවරුන් වෙනුවෙනුත් ජූපෝපහාරයක් ලෙස වාර්ෂිකව පවත්වනු ලබන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සාධාතුක කරඬුව වැඩම කිරීමේ භාග්‍යය හිමිවන්නේ මංගල ලක්ෂණ සහිතව උපන් පෙරපින් ඇති ඇතකුට පමණී.
දළදා වහන්සේ වෙනුවෙන් කළ ඒ මහා පින් බලයෙන් ඇත් රජුණි ඔබට නිවන් සුවය හිමි වේවා..