― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalමේ ප්‍රශ්න ගැන ආණ්ඩුව කලින් ඉඳලම දැනගෙන හිටියා

මේ ප්‍රශ්න ගැන ආණ්ඩුව කලින් ඉඳලම දැනගෙන හිටියා

තව දින කිහිපයකින් ඉන්ධන අර්බුදය මෙන්ම විදුලි අර්බුදයද විසඳෙන බවත් ජනාධිපති ඇතුළු ආණ්ඩුව මේ ප්‍රශ්න ඇති වෙන බව කලින්ම දැනගෙන සිටි බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (07) දිවුලපිටිය අස්වැන්න වත්ත පෝෂණ මන්දිරය හා ආයුර්වේදය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“ජනාධිපති ඇතුළු ආණ්ඩුව මේ ප්‍රශ්න ඇති වෙන බව දැනගෙන හිටියා. ඒ නිසා මූල්‍ය අර්බුදයෙන් ගොඩ එනතෙක් ජනතාවගේ ප්‍රශ්න විසඳන තෙක් මන්ත්‍රී වරප්‍රසාද ගැන කතා කරන්න එපා කියලා ජනාධිපතිවරයා මුලදිම කිව්වා.

වසර පහක පාර්ලිමේන්තු ධූරය අවසානයේ හිමිවුණු මන්ත්‍රී විශ්‍රාම වැටුප වසර දහයකට පසුව හිමිවන විදිහට සකස් වුණා. ඔහුගේ පාර්ලිමේන්තුවේ කාලය වසර 4 හමාරයි. මේ පාර්ලිමේන්තු කාලය වසර පහයි.

එකතු උනාම වසර නවය හමාරයි. මමත් පාර්ලිමේන්තුව විශ්‍රාම වැටුප් වැටුපට හිමිකම් නොකියන කෙනෙක්. පහුගිය යහපාලන කාලයේ මන්ත්‍රීවරුන්ට වාහන ඉන්ධන දීමනා සමඟ රුපියල් ලක්ෂ හතහමාරක විතර ආදායමක් එන ක්‍රමයක් හදලා තිබුණා. ඒවා ඔක්කොම කැපුවා.

රජයෙන් වාහන ලබාදීලා ඔබේ මුදලින් තමයි මහජන නියෝජිතයෝ නඩත්තු වෙන්නේ. අපේ සමහරක් පසුපෙළ මන්ත්‍රීවරුන්ට වාහන නැහැ. ඒ අය කොළඹ එන්නේ පොදු ප්‍රවාහන සේවයේ. දැන් කොවිඩ් සාමාන්‍ය වෙලා. වැඩිම සංචාරකයින් පිරිසක් ආවේ රුසියාව සහ යුක්රේනයෙන්. ඒ රටවල අර්බුදයක් ගොඩනැගිලා තියෙන නිසා අපිට විකල්පයකට යන්න වෙනවා.

ඒ නිසා පහුගිය දවස්වල අපි මැදපෙරදිග ගියා. අප්‍රේල් මස වෙනකොට මැදපෙරදිග රස්නෙ කාලය. ඒ අය ලංකාවට ගෙන්න ගන්න ඕනේ. ඔවුන් එන්නේ පවුල් පිටින්. ඒ රටවල වායු සමීකරණය කළ කාමරවල ඉන්නකොට විතරයි මාස්ක් පලදින්නෙ. ලෝක සෞඛ්‍ය සංවිධානය එකක් කියනවා. එක එක රටවල සෞඛ්‍ය අංශ තව මත දක්වනවා. වෛද්‍යවරු තවත් අදහස් දක්වනවා. අපි මේ තත්ත්වයන්ට මුහුණ දෙන්න ඕනේ.

අපේ රටේ වියදම් වැඩි වෙලා ආදායම් අඩු වුණා. වසර දෙකකට කලින් රථ වාහන ඇතුළු භාණ්ඩ හයසියයක් ගෙන්වීම නතර කළේ ඒ නිසයි. ඉන්ධන පෝලිම් තියෙනවා. මේවා සැලසුම් සහගත වැඩපිළිවෙළ. මම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරියෙක් සමග සාකච්ඡා කළා. පෙරේදා ඩිසල් ලීටර් ලක්ෂ 86,000ක්, ඊයෙ ඩීසල් ලීටර් ලක්ෂ 56,000 නිකුත් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් දවසකට නිකුත් කරන්නේ ඩීසල් ලීටර් ලක්ෂ 40,000ක්. වෙළෙඳපොළට වැඩි වශයෙන් තෙල් නිකුත් කරලා තියෙන කොටත් අර්බුදයක් ඇති වෙන්නේ ඇයි කියන්න තේරෙන්නෙ නැහැලු.

දැන් දවස් තුනෙන් තෙල් නැවක් එන විදියට වැඩ පිළිවෙළක් සකස් කරලා තියෙනවා. අමාත්‍ය මණ්ඩල හමුවේදී වැඩියෙන්ම කතා කරන්නේ ඉන්ධන අර්බුදය විසඳීම, නියමිත වේලාවට ඖෂධ ගෙන්වීම, තිබෙන ඩොලර් කළමනාකරණය කර ගැනීම වගේ කාරණා ගැනයි.

මාර්තු මාසයේදී තවත් ඩොලර් ගෙවීමක් කරන්න තියෙන බව අපි කැබිනට් මණ්ඩලයේදී දැනුවත් උනා. ඒකෙන් පස්සෙ මේ අර්බුදය පාලනය කරගන්න පුළුවන්. විදුලි අර්බුදය ගැනත් දැනුවත් කරා. කැබිනට් මණ්ඩලයට නිළධාරින් ගෙන්වලා දැනුවත් කරන්නේ. තව දින කිහිපයකින් ඉන්ධන අර්බුදය විසඳෙනවා වගේම විදුලි අර්බුදයත් විසඳෙනවා.

පහුගිය කාලේ තිබුණේ පොහොර අර්බුදයක්. දැන් ඒ ගැන කතා කරන්නෙවත් නැහැ. මේ වගේ අර්බුදයක් ඉදිරියෙ නිර්මාණය වෙන බව ජනාධිපතිතුමා දැනුම් දුන්නේ මීට අවුරුදු දෙකකට කලින්. සූර්ය බලශක්තියෙන් විදුලි උත්පාදනය කරන්න අමාත්‍යාංශයකුත් හැදුවා. කොරෝනා නිසා ඒ වැඩපිළිවෙළ හරියට ක්‍රියාත්මක කරන්න බැරි උනත් මේ වෙනකොට සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ජනතාවගේ පැත්තේ ඉඳන් ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න පුළුවන් නායකයෙක් අපිට ඉන්නවා.

එදා විමල් උදය එක්ක මහින්ද මහත්තයා නැවත ගේන්න නුගේගොඩ රැස්වීම සංවිධානය කළා. ඒ අය අපිත් එක්ක හිටියා. හැබැයි ජනතාව සංවිධානය කළේ බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරු රට වටේ ගිහින්. ඒක ඒ අයත් දන්නවා.

ඕනම රටක ආණ්ඩුවක විනයක් තියෙන්න ඕනේ. පක්ෂයක, ආයතනයක විනයක් තියෙන්න ඕනේ. විනය නැති වුණොත් පාලනය නැති වෙනවා. කැබිනට් එකේදි අපි රණ්ඩු වෙනවා නිලධාරීන් එක්ක බැන ගන්නවා. නමුත් අපේ සාමූහික වගකීම කඩ කරන්න බැහැ. රටේ ඩොලර් ප්‍රශ්නය විසඳන්න පුළුවන් තරම් සංචාරකයින් ගේන්න කියන වගකීම මට ජනාධිපතිතුමා පැවරුවා. මං මට පුළුවන් උපරිමයෙන් ඒ වෙනුවෙන් කැප වුණා. අද වෙනකොට මසකට 100,000 ක සීමාවට ඇවිත් තියෙනවා.”