― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsෂේන් වෝන් මියගිය කාමරයේ ලේ පැල්ලම්

ෂේන් වෝන් මියගිය කාමරයේ ලේ පැල්ලම්

ඔස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩක ෂේන් වෝන් මියගිය තායිලන්තයේ ඔහු සිටි කාමරයේ තිබී හමුවු රුධිර පැල්ලම් කිහිපයක් සම්බන්ධයෙන් තායි පොලිසිය විමර්ශන ආරම්භ කර ඇතැයි වාර්තා වේ. 

පොලිසිය සදහන් කර ඇත්තේ වෝන්ගේ ඇඳ අසල පොළවේ ස්ථාන දෙකක මෙන්ම තුවා තුනක සහ කොට්ටයක තිබී  රුධිර පැල්ලම් සොයාගත් බවයි. එක් තුවායක ඔහුගේ වමනය ද දක්නට තිබූ බව ද සදහන් වේ. එමෙන්ම සිහිසුන්ව ඔහු බිම වැටි සිටියදී කෘත්‍රිම ශ්වසනය ලබාදුන් අවස්ථාවේදීත් ඔහුගේ මුවෙන් රුධිරය ගලාගිය බවක්ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 

කෙසේවෙතත් ශේන් වෝන් ගේ මරණය සම්බන්ධයෙන් කිසිදු සැකකටයුතු යමක් නැතැයි තායි පොලිසිය ඊයේ නිවේදනය කර තිබිණි.

වෝන්ගේ සිරුර ඉරිදා පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගෙනගොස් ඇත. තායි පොලිසිය මරණයට හේතුව පිළිබඳව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළ නමුත් එය සැක සහිත ලෙස නොසලකන බවද සදහන් කර තිබේ. මේ අතර වෝන්ට ඇදුම සහ හෘද රෝග පිළිබඳ ඉතිහාසයක් තිබූ බවත් ඔහු මෑතකදී “ඔහුගේ හදවත ගැන වෛද්‍යවරයකු හමුවී ඇති බවත්” තායි පොලිසිය තහවුරු කර ඇත. 

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මෘතදේහය ඔස්ට්‍රේලියාවට රැගෙන යෑමට නියමිතය.  වෝන්ගේ පවුලේ අය රාජ්‍ය අවමංගල්‍යයක් සඳහා වූ යෝජනාව පිළිගෙන ඇති බවද සදහන් වේ.  වෝන්ගේ අවසන් කටයුතු සිදු වන්නේ ඔහුගේ උපන්බිම වන වික්ටෝරියා ප්‍රාන්තයේදීය.