29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅද විදුලි කප්පාදුව මෙන්න මෙහෙමයි

අද විදුලි කප්පාදුව මෙන්න මෙහෙමයි

අද (08) දිනයේත් දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ අනුව E සහ F කලාපවලට පැය 07යි මිනිත්තු 30ක සහ අනෙක් කලාපවලට පැය 03ක විදුලි කප්පාදුවක් සිදුවන බව විදුලි බල මණ්ඩලය සඳහන් කළේය.

E කලාපයට පෙරවරු 8.00 සිට පස්වරු 01.00 දක්වාත් පස්වරු 6.00 සිට රාත්‍රි 8.30 දක්වා විදුලි කප්පාදුවක් සිදුකරන අතර F කලාපය සඳහා පස්වරු 1.00 සිට පස්වරු 6.00 දක්වා රාත්‍රි 8.30 සිට රාත්‍රි 11.00 දක්වාත් විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.

ඊට අමතරව T,U,V,W,R,S,P,Q කලාප සඳහා දිවා කාලයේ පැය දෙකක් සහ රාත්‍රි කාලයේ පැයක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේය.

අදාළ විදුලි කප්පාදුව සඳහා මහජන උපයෝගීතා කොමිසම ද අවසර ලබා දී තිබේ.

මේ අතර විදුලිබල මණ්ඩලය සඳහා අවශ්‍ය ඉන්ධන සෘජුවම ආනයනය කිරීමට  පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ විදුලි කප්පාදුව නතර කිරීමට හැකියාව ලැබෙනු ඇති බවය.

රට තුළ පවතින ඉන්ධන සහ විදුලි අර්බුදය සම්බන්ධයෙන් ඊයේ (07) පස්වරුවේ රැස් වූ කැබිනට් මණ්ඩලයේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර ඊට විසඳුම් ද යෝජනා වු බව අමාත්‍ය ගාමිණි ලොකුගේ සඳහන් කළේය.