27.2 C
Colombo
Saturday, August 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද සිට දින 04ක් පාර්ලිමේන්තුව රැස්වෙයි

අද සිට දින 04ක් පාර්ලිමේන්තුව රැස්වෙයි

සිලෝන් ටී, සිලෝන් සිනමන් යන ආදී නිෂ්පාදන නාමයන් අයථා පරිහරණය වැළැක්වීමේ අරමුණින් බුද්ධිමය දේපළ සංශෝධන පනත දෙවන වර කියවීම සඳහා අද (08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් අදාළ පනත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

අද සිට ලබන 11 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහා ආසන පැනවීමේදී යම් යම් වෙනස්කම් සිදුකර ඇති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසයි.

අමාත්‍ය ධූරවලින් ඉවත් කෙරුණු විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ අසුන් පැනවීමට පියවර ගෙන ඇති අතර 73 වන සහ 78වන අසුන් ඔවුන්ට පනවා තිබේ.

කර්මාන්ත අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් එස්.බී. දිසානායකට ආණ්ඩු පක්ෂයේ දෙවන අසුන හිමිව ඇති අතර එම අසුනේ සිටි විදේශ අමාත්‍ය ජි.එල්.පීරීස්ට දසවන අසුන වෙන්කර තිබේ.

ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස තේරී පත් වූ දිලුම් අමුණුගමට 30 වන ආසනය වෙන්කර ඇති අතර නැවතත් රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් අරුන්දික ප්‍රනාන්දුට 36 වන ආසනය වෙන්කර තිබේ.