ඇමරිකානුවෙකුට ඕනේ විදිහට මේ රට නටවන්න ඉඩ දෙන්න තමා සූදානම් නැති බවත් මෙම අවලස්සන ඇමරිකානුවාගේ ග්‍රහණයෙන් මෙරට රාජ්‍ය බලය අපි එලියට ගත යුතු බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (08 ) අනුරාධපුරයේදී පැවති ආගමික කටයුත්තකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
මුදල් අමාත්‍යවරයාගේ මෙම ක්‍රියාකලාපයට එරෙහිව ජනවරම නිර්මාණය කළ තම කණ්ඩායමටම ඊට එරෙහිවද කටයුතු කරන්නට සිදුවන බවත් අද මෙරට පාලනය කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හෝ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා නොවන බවත් ඔහු අවධාරණය කරයි.
අද ජනවරම පික් පොකට් ගහලා ජනවරමට පස්ස පැත්ත හරවල මේ රට පාලනය කරන්නේ බැසිල් රාජපක්ෂ කියන මුදල් අමාත්‍යවරයා බවත් ඔහු එහිදී කියා සිටියේය.