26.7 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදින දෙකකින් ඩීසල් හිඟය අවසන්

දින දෙකකින් ඩීසල් හිඟය අවසන්

පවතින ඩීසල් හිඟය ඉදිරි දින 2ක තුළ පහව යනු ඇතැයි බලශක්ති අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් කේ.ඩි.ආර්. වොල්ගා මහත්මිය සඳහන් කළේ, මේ වන විට ඩිසල් නැව් 02 ක් ගොඩබාමින් ඇති බවයි.

පළමුව පැමිණි ඩීසල් නෞකාවේ සහ ඉන්පසු පැමිණි ඩීසල් නෞකාවේ ඩීසල් මෙට්‍රික් ටොන් 20,000 පමණ තවත් ගොඩ බෑමට ඉතිරිව ඇති බව ද ලේකම්වරිය පැවසුවා ය.

මේ වන විට එම නෞකා දෙකේ ඩීසල් මෙට්‍රික් ටොන් 45,000 ක් ගොඩ බා අවසන් කර ඇත.

ලේකම්වරිය ප්‍රකාශ කළේ, අද දිනයේ දැවි තෙල් නෞකාව ගොඩබෑමේ කටයුතු ආරම්භ කෙරෙන බවයි.

තවත් ඩිසල් නෞකාවක් මෙරටට පැමිණ ඇති බවත්, එම නෞකාවට ද ගෙවීම් සිදු කිරීමෙන් අනතුරුව දැනට මතුව ඇති ඩීසල් හිඟය අවම වනු ඇති බව ලේකම්වරිය තහවුරු කළා ය.

කෙසේ වෙතත්, ඊයේ දිනයේත් ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් නොමැති වීමෙන් ජනතාව දැඩි අසීරුතාවයට පත්විය.