― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalදේශපාලකයින් මුලින් රටට ආදර්ශයක් විය යුතුයි

දේශපාලකයින් මුලින් රටට ආදර්ශයක් විය යුතුයි

රට තුළ ඉන්ධන අර්බුදයක් පවතින මෙම අවස්ථාවේදී දේශපාලනඥයන් තමන් සමඟ ගමන් කරන පෙරගමන් හා පසුගමන් රථ අඩුකර රටට ආදර්ශයක් ලබාදිය යුතු බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

තමන් එදා සිට හැමවිටම තනි රථයකින් ගමන් බිමන් යන දේශපාලනඥයෙක් බව ඔහු එහිදී ප්‍රකාශ කළේය.

ජනපති, අගමැති, විපක්‍ෂනායක ඇතුළු සුවිශේෂී ආරක්‍ෂාවක් සහිතව ගමන් කළ යුතු ප්‍රභූන් සිටින බවත්, ඔවුන් හැර අනෙක් අය මේ මොහොතේ තම කැපකිරීම රට ඉදිරියේ ඔප්පු කළ යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම අවස්ථාවේදී දේශපාලනඥයා අරපිරිමැස්ම ගැන පරමාදර්ශී චරිතයක් විය යුතු බව අවධාරණය කළ අමාත්‍යවරයා කියා සිටියේ ජනතාව ඉන්ධන ලබාගැනීම සඳහා කෑන් තබාගෙන පෝලිමේ සිටියදී දේශපාලනඥයන් පෙරගමන්, පසුගමන් රථ 5ක් 6ක් සමඟ ගමන් කරනවා නම් ජනතාවට කෝපයක් ඇතිවන බවයි.