29.5 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයුද්ධය මැද පිළිසරණක් සොයා කිලෝමීටර් 600ක් දුර ගිය දරුවා

යුද්ධය මැද පිළිසරණක් සොයා කිලෝමීටර් 600ක් දුර ගිය දරුවා

පවතින ගැටුම් හේතුවෙන් ජීවිතාරක්ෂාව පතා කිලෝමීටර් 600ක් දුරින් සිටින සිය ඥාතීන් සොයා තනිවම ගමන් කළ 11 හැවිරිදි දරුවෙකුගේ කතාවක් යුක්රේනයෙන් වාර්තා වනවා.

ගිනිකොණදිග යුක්රේනයේ, Zaporizhzhia හි ජිවත් ව සිටි මෙම දරුවා රුසියානු භටයින් එම ප්‍රදේශයට ප්‍රහාර එල්ල කිරීමත් සමග ස්ලොවැකියාව බලා පිටත් කර හැරිමට ඔහුගේ මව තීරණය කර තිබුණා.

ප්ලාස්ටික් බෑගයක්, විදේශ ගමන් බලපත්‍රයක් සහ සිය ඥාතියාගේ දුරකථන අංකය අතේ ලියා ගෙන ඔහු ස්ලොවැකියානු දේශ සිමාව බලා දුම්රියෙන් පිටව ගොස් තිබුණා.

මෙම දරුවා යුක්රේන – ස්ලොවැකියානු දේශසීමාව වෙත ආරක්ෂා සහිතව පැමිණීමෙන් පසු එහි සිටි සහන සේවකයින් විසින් මෙම දරුවට අවශ්‍ය ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සපයා තිබුණා.

පසුව එම නිලධාරින් විසින් ස්ලොවැකියාවේ සිටි ඔහුගේ ඥාතින් සම්බන්ධ කර දීමට සමත්ව තිබුණා.

සිය දරුවා තම ඥාතින් හමුවට පැමිණීමෙන් පසු ඔහුගේ මව යුක්රේනයේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් සඳහන් කර සිටියේ තම දරුවා ගේ ජීවිතය ආරක්ෂා වීම ගැන සතුටු වෙන බවයි.

එමෙන්ම සිය මවගේ අසනීප තත්ත්වය හේතුවෙන් ඇයට ඇවිද යා නොහැකි නිසා තමන්ට රුසියානු ප්‍රහාර එල්ල වුවත් සිය නගරයේ ජිවත්ව සිටීමට සිදුව ඇති බවයි.

මේ වන විට ඔවුන් ජිවත් වන Zaporizhzhia පළාතේ පාලනය රුසියානු හමුදාවට නතුව තිබෙනවා.