― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsරනිල්ගේ මෝසමක් සලකා බැලීමට දින නියම වෙයි

රනිල්ගේ මෝසමක් සලකා බැලීමට දින නියම වෙයි

විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමක් හමුවේ පෙනී සිටින ලෙස තමා වෙත නිකුත් කර තිබෙන නියෝගයක් අත්හිටුවන තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ගොනුකර ඇති මෝසම සලකා බැලීම සඳහා ලබන 14 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

මෙම මෝසම අද නිශ්ශංක බන්දුල කරුණාරත්න, ඩී.එම්.සමරකෝන් සහ ලෆාර් තාහීර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අදාළ මෝසමේ වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටින ජනාධිපති ලේකම් ධුරයේ වෙනසක් සිදුවී ඇති හෙයින් එය සංශෝධනය කිරීම සඳහා අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශ්වයට අවසර ලබා දුන්නේය.

ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා ලබන 14වනදා කැඳවන ලෙසයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේය. රනිල් වික්‍රමසිංහ සිය මෝසමෙන් කියා සිටින්නේ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ කොමිසම විසින් තමන්ට එරෙහිව සිදුකළ නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා තමන් දැනටමත් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර ඇති බවයි.

එසේ තිබියදී අදාළ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කළ හැකි ආකාරය පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් තවත් විශේෂ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවක් පත් කර ඇති බව පෙන්වා දුන් ඔහු එම කොමිසම හමුවේ තමන්ට ඉකුත් 28 වනදා පෙනී සිටින ලෙස දැනුම් දීමක් සිදු කර තිබූ බවත් සඳහන් කළේය.

දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ කොමිසමේ නිර්දේශ අභියෝගයට ලක් කරමින් තමා අධිකරණය හමුවේ නඩුකරයක් ගොනුකර තිබෙන අවස්ථාවක එම කරුණ සම්බන්ධ තවත් ජනාධිපති කොමිසමක් හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දීම යුක්ති සහගත නොවන බවත් ඔහු සඳහන් කළේය.

එබැවින් විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස තමන් වෙත නිකුත් කර තිබෙන දැනුම්දීම අත්හිටුවීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.