30.6 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

අද (09) දිනයේ ද කලාප කිහිපයකට විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනූව A,B,C,D,E,F,G,H,I,J,K සහ L යන කලාප පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා කාලය තුල පැය 2යි මිනිත්තු 30ක කාලයක් ද සවස 6.00 සිට රාත්‍රී 11.00 දක්වා කාලය තුලදී පැයකුත් මිනිත්තු 15ක කාලයකුත් විදුලි කප්පාදුවක් සිදුකිරිමට නියමිතයි.

P,Q,R,S,T,U,V සහ W යන කලාප සඳහා පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුලදී පැය 02ක් සහ සවස 5.00 සිට රාත්‍රී 9.00 දක්වා කාලය තුලදී පැයක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතව ඇත.

මේ අතර, අත්‍යවශ්‍ය ස්ථානයන් වෙත කප්පාදුවකින් තොරව විදුලි සැපයුමක් ලබාදෙන ලෙස විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අදාළ අංශ වෙත දැනුම් දී තිබේ.

ඒ වෙනුවෙන් අඛණ්ඩව ක්‍රියාත්මකවන මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර විදුලිබල අමාත්‍යාංශය යටතේ එය ක්‍රියාත්මක කළයුතු බවටත් ඊයේ විදුලිබල අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරිය දැනුම් දුන්නාය.