― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅමෙරිකාව රුසියාවේ ඉන්ධන, ගෑස්, ගල්අගුරු ආනයනය තහනම් කරයි

අමෙරිකාව රුසියාවේ ඉන්ධන, ගෑස්, ගල්අගුරු ආනයනය තහනම් කරයි

රුසියාවෙන් ඉන්ධන, ගෑස් සහ ගල්අගුරු ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට අමෙරිකාව තීරණය කර තිබේ.

යුක්රේනය ආක්‍රමණය කිරීමට එරෙහිව රුසියාවට දක්වන ආර්ථිකමය ප්‍රතිචාර තවත් වේගවත් කරමින් මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව රුසියානු තෙල් තවදුරටත් අමෙරිකානු වරායන් වෙත පිළිනොගන්නා බවත් පුටින්ට වඩා බලවතුන් සමග අමෙරිකාව ඉදිරියේදී කටයුතු කරන බවත් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අවධාරණය කරයි.

මේ අතර යුක්රේන ආක්‍රමණයට විරෝධය පළ කරමින් බ්‍රිතාන්‍යයද රුසියාවෙන් ඉන්ධන ආනයනය තහනම් කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේවෙතත් එම තහනම මෙම වසර අවසානයේ සිට බලාත්මක වීමට නියමිතව ඇත.

බ්‍රිතාන්‍යය මේ වනවිටත් ඉන්ධන අර්බුදයකට මුහුණ පා සිටින අතර එරට තුළ පෙට්‍රල් මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. කෙසේවෙතත් රුසියාවෙන් සිදුකරන ගෑස් සහ ඉන්ධන ආනයනය තහනම් කිරීමට යුරෝපා සංගමය මෙතෙක් තීරණය කර නොමැති බව වාර්තා වෙයි.

යුරෝපා සංගමය ප්‍රධාන වශයෙන් යැපෙන්නේ රුසියාවෙන් ආනයනය කරන ඉන්ධන හා ගෑස්වලින් වීම ඊට හේතුවයි. කෙසේවෙතත් සිය රටේ සිට ජර්මනිය වෙත දිවෙන ගෑස් නල මාර්ගය වසා දමන බවට රුසියාව මේ වනවිත් අනතුරු අඟවා තිබේ.

රුසියාව ඊයේ පැවසුවේ සිය රටින් සිදුකරන ඉන්ධන ආනයනය තහනම් කළ හොත් ගෝලීය ආර්ථිකය මෙන්ම ජාත්‍යන්තර වෙළඳපොළටද භයානක ප්‍රතිවිපාක රැසකට මුහුණ පානු ඇති බවයි. ඒ හමුවේ ඉදිරියේදී බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 300 ක් පමණ දක්වා ඉහළ යනු ඇති බවටද රුසියාව අනතුරු ඇඟවීය.