― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsPoliticalආණ්ඩුවට පැහැදිලි සංවර්ධන වැඩපිළිවෙලක් නැහැ

ආණ්ඩුවට පැහැදිලි සංවර්ධන වැඩපිළිවෙලක් නැහැ

රට දියුණු කිරීමට ආණ්ඩුව සතුව පැහැදිලි සංවර්ධන වැඩපිළිවෙලක් නොමැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක පැවසීය.

ඊයේ (08) කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් චන්ද්‍රිකා බණ්ඩාරණායක මේ බව කියා සිටියාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරිය මේසේද කීවාය.

“මම අවුරුදු 11කට පස්සේ ගෙදර යනකොට පඩි 100ක් උඩට ඇවිල්ලා පොහොසත්ම රටවල් 72න් එකක් වෙලා. 72ක -175 මේ දෙක අතර, අතන ඉඳලා මෙතෙනට අවුරුදු 11ක් ඇතුළත උඩට ගෙනල්ලා තියලා මම ගියේ. මම හිතන්නේ… දැන් මගේ කයිවාරුව නෙමෙයි, එහෙම වුණේ එකම හේතුව හොඳ ආණ්ඩුකරණයක් තිබුණා. අවංකව ආණ්ඩු කෙරුවා. හොරකම පුළුවන් තරම් අඩුකෙරුවා. දූෂණය කරන්න දුන්නේ නැත. තවත් එක දෙයක් එතෙනට එකතුකරන්නට ඕනේ පැහැදිලි ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළක් තිබුණා. එමෙන්ම පැහැදිලිවම ආණ්ඩුවේ අනෙකුත් දේවල් අධ්‍යාපනය, සෞඛ්‍ය, යටිතල පහසුකම් දියුණු කිරීමට පැහැදිලි වැඩපිළිවෙළක් තිබුණා. ඒ අනුව කෙරුවා. එතකොට වියදම් කරන මුදලින් උපරිම ප්‍රයෝජනය ගන්නට පුළුවන් රටට අවම වශයෙන් වියදම් කරලා වැඩිම වාසියක් ගන්න පුළුවන් රටට… එහෙම තමයි හරිනම් රටක් සංවර්ධය කරන්නේ. එහෙම තමයි ආණ්ඩුවක් කරන්න ඕනේ. දැන්නම් එහෙම දෙයක් පෙන්න නැහැ.”