30.6 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන, විදුලි අර්බුදය අවසන් වන දිනය ගැන ඉඟියක්

ඉන්ධන, විදුලි අර්බුදය අවසන් වන දිනය ගැන ඉඟියක්

රට තුළ උද්ගත වී ඇති විදුලි සහ ඛනිජ තෙල් අර්බුදය ලබන සදුදා හෝ අඟහරුවාදා වන විට අවසන් වනු ඇති බව බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (09) පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ මෙරට සතුව මේ වන විට ඉන්ධන මෙට්‍රික් ටොන් 20,000ක සංචිතයක් ඇති බවත් ඉන් ඉන්ධන මෙට්‍රික් ටොන් 32,000ක් නැවකින් ගොඩබාමින් සිටින බවත්ය. සෑම නගරයකම පිරවුම්හල්වලට ඉන්ධන සපයමින් තිබීම නිසා ලබන සිකුරාදා හෝ සෙනසුරාදා වන විට පිරවුම්හල්වල පෝලිමේ නොසිට ඉන්ධන ලබාගත හැකි තත්වයට පත්වනු ඇති බවට තමා විශ්වාස කරන බව ගාමිණී ලොකුගේ සඳහන් කළේය.

විදුලිබල මණ්ඩලයට බලාගාර පවත්වාගෙන යෑමට අවශ්‍ය ඩීසල් සහ දැවි තෙල් ලබාදී තිබෙන නිසා විදුලිය කැපීම ක්‍රමානුකූලව අඩු කිරීමට හැකි වන බවත් මෙම මස 05 වැනිදා සිට විදුලිය කැපීම නැත්තටම නැති වන බවත් ඇතැම් ස්ථානවල සුළු විසන්ධි කිරීම් ඇති විය හැකි බවත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.