29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalරටේ ආර්ථිකය ආරක්ෂා වෙලා තියෙන්නේ බැසිල් නිසයි

රටේ ආර්ථිකය ආරක්ෂා වෙලා තියෙන්නේ බැසිල් නිසයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ තරමට හෝ ආරක්ෂා වී ඇත්තේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (08) ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් හා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර පාර්ලිමේන්තුවේ පැවැති හමුවකින් අනතුරුවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසිද කීය.

“මොන අමාත්‍යවරයා ඉවත් කළත් මොන තීන්දුව ගත්තත් රාජපක්ෂවරුන්ගේ ශක්තිමත් පුද්ගලයෙක් ලෙස එතුමා ගන්න ඕනෑම තීන්දුවකට අපි (පසුපෙළ මන්ත්‍රීවරුන්) එතුමත් සමග ඉන්නවා කියන පොරොන්දුව අපි එතුමට ලබා දුන්නා.

ඔය අවලස්සන ඇමෙරිකානුවා කියලා චෝදනා කරන්, ඇත්තටම අපි හිතුවා හොඳ ඇමතිවරු කියලා නමුත් විනයක් නැති, කටට බ්‍රේක් නැති විමල් වීරවංශ, උදය ගම්මන්පිල වගේ අය අපේ ආණ්ඩුවේ ඇමතිධුර මෙහෙයවපු එක ගැන අපිට ලැජ්ජයි.

ඇමෙරිකාවට මේ රට විකුණන්න හදනවා කියන චෝදනා සම්බන්ධයෙන් එතුමා විශාල වශයෙන් සංවේදී වුණා. මොකද එහෙනම් යුද්ධෙ කාලෙදී තමයි ඇමෙරිකාවත් එක්ක එකතු වෙලා කුමන්ත්‍රණ කරනවානම් එතුමට කුමන්ත්‍රණ කරන්න තිබුණේ. මේ අමාරු වෙලාවේ මේ තරම්වත් ආර්ථිය පවතින්නේ එතුමා නිසා තමයි කියන කාරණාව තමයි අපිට වැටහීමක් තියෙන්නේ.”