― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalරටේ ආර්ථිකය ගොඩනගන්න අවශ්‍ය සියලු දේ කරනවා

රටේ ආර්ථිකය ගොඩනගන්න අවශ්‍ය සියලු දේ කරනවා

ඩොලර් හිඟය හමුවේ ආර්ථිකය පත්ව ඇති අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරගෙන යන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම සමඟ ඊයේ පැවති සාකච්ඡාවේ දී ප්‍රකාශ කර ඇත.

එබැවින් ඒ සම්බන්ධයෙන් කලබල විය යුතු නැති බවත් අමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇත.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් අතර හමුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ පස්වරුවේ පවත්වා ඇති අතර ආණ්ඩුවේ පසුපෙළ නියෝජනය කරන නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත හැර පසුපෙළ අනෙකුත් මන්ත්‍රීවරුන් සියලු දෙනාම ඊට සහභාගි වී තිබේ.