27.2 C
Colombo
Thursday, August 7, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalවිමල්ටයි ගම්මන්පිලටයි බැසිල් එක්ක ලොකු ඇරියස් එකක් තිබුණා

විමල්ටයි ගම්මන්පිලටයි බැසිල් එක්ක ලොකු ඇරියස් එකක් තිබුණා

විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන හිටපු අමාත්‍යවරු දෙදෙනා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමඟ පෞද්ගලික මත ගැටුමක් පැවති අතර එය විටින් විට මතු වූ බවත් ඒ කෝන්තරය කුමක්දැයි යන්න නිශ්චිත ලෙස නොදන්නා බවත් ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (08) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන් එම හිටපු අමාත්‍යවරුන්ගේ ප්‍රකාශ අසාධාරණ බව ඔහු අවධාරණය කළේය.

විමල් සහ ගම්මන්පිල පවසන පරිදි රටේ නරක තත්ත්වයක් ගොඩනැගීමට බැසිල් රාජපක්ෂ මහතාට වුවමනාවක් තිබේ නම් ඔහුට මොළේ කුමක් හෝ අසනීපයක් තිබිය යුතු බව අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.