29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalවිමල්, ගම්මන්පිල ඉවත් කළේ කැමැත්තෙන් නෙවෙයි - බැසිල්

විමල්, ගම්මන්පිල ඉවත් කළේ කැමැත්තෙන් නෙවෙයි – බැසිල්

වාසුදේව නානායක්කාර ඇමැතිවරයා ධුරයෙන් ඉවත් නොකළේ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇමැති ධුරවලින් ඉවත් කිරීමෙන් පසු ඇමැතිවරයාද ඉබේම ඉවත් වනු ඇතැයි යන අදහසින් බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් හමුවේ ඊයේ (08) ප්‍රකාශ කර තිබේ.

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇමැති ධුරවලින් ඉවත් කළේ කැමැත්තකින් නොවන බවත් ඇමැතිවරයා පවසා ඇත.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ හමුවේදී නැගුණු ප්‍රශ්න කිරීම්වලදීය.

“දේශපාලනය සහ ආණ්ඩු කිරීමේදී යම් යම් තීන්දු ගැනීමට සිදුවෙනවා. එම ඇමැතිවරුන් සමග සිටි වාසුදේව නානායක්කාර ඇමැතිවරයා ඉවත් කළේ නැත්තේ ඇයිදැයි අහනවා. අපි හිතුවේ තුන්වැනියා ඉබේම ඉවත් වෙයි කියලා. ඔවුන් ඉවත් වූවා කියලා ආණ්ඩුව පවත්වාගෙන යාමේ ගැටලුවක් නැහැ” යැයි මුදල් අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.