28.4 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඌරු හදවත බද්ධ කළ මිනිසා දැයෙන් සමුගනී

ඌරු හදවත බද්ධ කළ මිනිසා දැයෙන් සමුගනී

ඌරෙකුගේ හදවතක් බද්ධ කළ ලොව පළමු මිනිසා ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාළ සැත්කම සිදුකළ මේරිලන්ඩ් රෝහල උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කර ඇති අතර ඌරෙකුගේ හදවතක් බද්ධ කළ ඩේවිඩ් බෙනට් මියයන විට 57 හැවිරිදි වියේ පසුවිය.

කෙසේ වෙතත් ඔහුගේ මරණයට නිශ්චිත හේතුවක් මේ දක්වා ඉදිරිපත් කර නැතත් වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ දින කිහිපයකට පෙර සිට ඔහුගේ තත්ත්වය නරක අතට හැරෙමින් පැවති බවය.

Uනිවෙර්සිට්ය් ඔෆ් Mඅර්ය්ලන්ඩ් Mඑඩිcඅල් Cඑන්ටෙර් හිදී මීට මාස දෙකකට ඉහතදී මෙම සැත්කම සිදුකෙරුණි.

වෛද්‍ය ඉතිහාසයේ පෙරළියක් සිදුකරමින් ලොව පළමු වතාවට ඌරකුගේ හදවතක් මිනිසකුට බද්ධ කෙරුණු අවස්තාව මෙය විය.

හදවත ලබාගෙන තිබුණේ පර්යේෂණාගාරයක් තුළ ජාන වෙනස් වීම් කරමින් බිහි කළ ඌරෙක්ගෙනි. ලොව ප්‍රමුඛ පෙළේ ශල්‍ය වෛද්‍යවරයෙක් වන මහාචාර්ය වෛද්‍ය බාර්ට්ලි ග්‍රිෆිත්ගේ ප්‍රධානත්වයෙන් මෙම සැත්කම සිදුකර තිබුණි.