― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsBusinessඩොලරය 260ට නගී

ඩොලරය 260ට නගී

අද (10) දින ප්‍රකාශයට පත් කර ඇති විනිමය අනුපාතික සටහන්වලට අනුව මෙරට ප්‍රධාන පෙළේ වාණිජ බැංකු කිහිපයක් විසින් එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 260 ක් බව සටහන් කර ඇත.

වහාම ක්‍රියාත්මක වන පරිදි, විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලීභාවයක් සහිතව ගනුදෙනු කිරීමට වෙළඳපොළට ඉඩ සලසන බව පසුගිය මාර්තු 07 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කළේය.

කෙසේවෙතත් විදේශ විනිමය ගනුදෙනු එක්සත් ජනපද ඩොලරයකට රුපියල් 230 කට නොවැඩි මට්ටමක පවතිනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කර තිබුණි.