26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශෂී වීරවංශගේ පාස්පෝර්ට් නඩුවේ තීන්දුව අද

ශෂී වීරවංශගේ පාස්පෝර්ට් නඩුවේ තීන්දුව අද

ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සකස්කළ බවට චෝදනා ලැබූ හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශගේ නඩු තීන්දුවක් අද (10) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ඇයට එරෙහිව ඇති නඩු දෙකෙහි නඩු විභාග පසුගිය පෙබරවාරි 11 වැනිදා අවසන් කෙරුණු අතර ඒ අනුව එම නියෝග අද ලබාදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල පසුගිය නියම කළේය.

ශෂී වීරවංශ 1967 වසරේ ඉපිද ඇති නමුත් එය 1971 දී උපත ලැබූ බවට වෙනස් කරගෙන ඇති බවත් රහස් පොලිසිය එහිදී අධිකරණයට දැනුම් දුන්නේය.
ඇය අදාළ උපන් දින දෙක යටතේම ජාතික හැඳුනුම්පත් ලබාගෙන ඇති බවත් පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කර තිබේ.