― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalඉදිරියේදී අපි තවත් සහන ලබාදෙනවා - බැසිල්

ඉදිරියේදී අපි තවත් සහන ලබාදෙනවා – බැසිල්

මෙරට ජනතාවට මේ වන විටත් සහන ලබා දෙමින් සිටින බවත් ඉදිරියේදී තවත් සහන ලබාදීමට බලාපොරොත්තු වන බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (11) ගම්පහ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදියෙකු කළ විමසීමකදීය.

ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු අමාත්‍යවරුන් උත්සහ දරමින් සිටින්නේ ජනතාවට සහන ලබා දීමට වන බැවින් තමා පිළිබඳව ජනතාව තබාගෙන සිටින විශ්වාසය තවදුරටත් එලෙසම තබාගෙන සිටින ලෙසත් ඔහු එහිදී සඳහන් කළේය.

ඩොලරයට ඉහළ අගයක් ලබා දෙමින් රුපියලේ අගය පාවීමට සැලැස්වූයේ ඩොලරයේ අගය කලක සිට සීමාවක රඳවාගෙන සිට එසේ සිටිය නොහැකි තරමට උග්‍ර වූ බැවින් යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙම පියවර ගැනීමට තීරනක කළේ විපක්ෂයේ අදහස් මෙන්ම ආර්ථික විද්‍යාඥයින්ගේද අදහස්වලට ද ඇහුම්කන් දී බවත් පවතින අර්බුදයට මුහුණ දීම සඳහා රට තුළ පවතින ගැටලු නිසැකවම විසඳන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඇමතිතුමා අපට කියන්නකෝ කවදා ද අපට සහන ලබා දෙන්නේ?

“සහන දැනටම ත් දෙනවා නේ. රු. 5000 දෙනවා. තවත් පුළුවන් තරම් දෙනවා.”

ජනතාව ඔබතුමා ගැන විශ්වාසෙන් ඉන්නේ. මේක ඉක්මනින් ලැබෙයි කියලා?

“විශ්වාසය එහෙම ම තියාගන්න. අපි ඉක්මනින් ම අපේ ඇමතිවරුයි, ජනාධිපතිතුමායි, අගමැතිතුමායි ඔක්කෝම උත්සහ කරන්නේ ඒක තමයි ඒක කරන්න.”

ඩොලර් එක පාවීම ගැන ඔබතුමාගේ අදහස මොකක් ද?

“කොහොම ත් ඒක අපි කරපු එකක් නොවේ. ඉස්සර කාලේ ඉඳන් කරපු එකක්. අපි තාවකාලිකව නතර කරගෙන හිටියා. නමුත් නතර කර ගන්න බැරි තරමට උග්‍ර වුණා.”

ඒකෙන් රටට ඩොලර් ඉක්මනට ලැබෙයි ද? විශ්වාසයක් තියෙනවා ද?

“ඔව් ඉතින් එන්න ඕනෑ නේ. එහෙම කියනවා නේ කට්ටියක්. විපක්ෂය එහෙම කිව්වා. අපි ඒකට ත් ඇහුම්කන් දෙන්න එපැයි.”

ඔබතුමා විපක්ෂයට ද ඇහුම්කන් දුන්නේ?

“ගොඩක් කට්ටිය ආර්ථික විශේෂඥයෝ ත් පළ කරා ඒක.”

කොච්චර කාලෙකින් මේ අර්බුදය විසඳෙයි කියලා ඔබතුමා හිතනවා ද?

“ඒක තමයි ඉතින්, වසංගතය ආවා නේ. ඊට පස්සේ තෙල් මිල වැඩි වුණා. ඊට පස්සේ යුක්‍රේන – රුසියා යුද්ධය ආවා. මේවා ඔක්කොම බාහිර කරුණු. අපේ රටේ සිද්ධ වෙන ඒවා නොවෙයි. බාහිර කරුණුවලට ජාත්‍යන්තරව අපිට ඒ තරම් බලයක් නෑ. නමුත් දේශීය වශයෙන් තියෙන ඒවා අපි අනිවාර්යයෙන් ම විසඳනවා.‍”

ඩොලර් අර්බුදයට මොක ද වෙන්නේ? ඉස්සරහට ණය ගෙවා ගන්න මොකක් හරි තියෙනවා ද වැඩපිළිවෙළක්?

“ඔව් ඔව්.”

ණය ගෙවන එක ප්‍රශ්නයක් නොවේ ද?

“නෑ. ඒක මේ…ප්‍රශ්නයක් තමයි. අමාරුයි. ඒ වුණාට අපි කරනවා කොහොම හරි.”