26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක කොන්දේසි සහිත ණයක්‌

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක කොන්දේසි සහිත ණයක්‌

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500ක ණයක් ලබාදීමට ඉන්දීය රජය කටයුතු කරමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඒ සඳහා ඉන්දීය මහ බැංකුවේ (Reserve Bank of India) අනුමැතිය ලැබී තිබේ.

එම මුදල් භාවිත කළ හැක්කේ පෙට්‍රෝලියම් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා බව සඳහන් වෙයි.

මෙම ණය මුදල ලබාදීම සඳහා 2022 පෙබරවාරි 02 වනදා ශ්‍රී ලංකා රජයේ නියෝජිතයින් සහ ඉන්දීය අපනයන – ආනයන බැංකු නියෝජිතයින් අතර ගිවිසුමකට එළඹ තිබේ.
 
මේ අතර ඉන්දීය මහ බැංකුව පවසන්නේ ඉන්දීය එක්සිම් බැංකුව ලබාදෙන ණය මුදලින් 75%ක් යොදාගත යුත්තේ ඉන්දීයාවෙන් භාණ්ඩ සහ සේවා ලබාගැනීමට බවය.

ඉතිරි මුදල් යොදාගෙන ඉන්දියාවේ නොවන බාහිර සැපයුම්කරුවන්ගෙන් භාණ්ඩ හා සේවා ලබාගැනීමට ශ්‍රී ලංකාවට හැකිය.