29 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදේවානන්දාගෙන් ලක්ෂ අනූ හතක පොල්ලක්

දේවානන්දාගෙන් ලක්ෂ අනූ හතක පොල්ලක්

ඊ.පී.ඩී.පී. නායක ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා රුපියල් අනූහත් ලක්ෂයක් වූ සිය විදුලි බිල නොගෙවා ඇති බව විදුලිබල මණ්ඩලය අනාවරණයකරයි.

කෙසේනමුත් මෙතෙක් ඔහුගේ විදුලි බිල කප්පාදු කර නොමැති අතර ඊ.පී.ඩී.පී. කාර්යාලය, ස්ටැන්ලි පාර, යාපනය යන ලිපිනයට අදාළ විදුලි බිල්පත මෙසේ නොගෙවා ඇති බව රංජන් ජයලාල් ප්‍රකාශ කළේය.

මීට පෙර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ එක් කෝටි විසි පන් ලක්ෂයක නොගෙවූ විදුලි බිලද තමා විසින් හෙළිදරව් කිරීමෙන් පසු ඒ පිළිබඳ පරීක්ෂා කෙරුණු අතර ඉදිරියේදී තවත් ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් නොගෙවූ විදුලි බිල් පිළිබඳව හෙළිදරව් කිරීමට තමා සූදානම් බවත් හෙතෙම අවධාරණය කළේය.

විශේෂයෙන් විදුලි බිල් පිළිබඳව පරීක්ෂා කරන හා ඒ තොරතුරු හෙළිකරන විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට විවිධ බලපෑම් සිදු වී ඇති බවත් මෙම වැටලීම් සියල්ල සොයා බැලීම් කළ යුතුව තිබෙන්නේ වෘත්තිය සමිතිවලට බවත් ඔහු එහිදී පැවසීය.