27.8 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාන් රාත්තලක මිල රුපියල් 30කින් ඉහළට

පාන් රාත්තලක මිල රුපියල් 30කින් ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් රාත්තලක මිල රුපියල් 30 කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව පාන් රාත්තලක මිල රුපියල් 110 ත් 130 දක්වා ඉහළ යනු ඇති.

මේ මොහොතේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේ ය.

බනිස් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදන වල මිල රුපියල් 10 කින් ඉහළ දමා තිබේ.

තිරිඟු පිටි කිලෝග්‍රැමයක මිල රුපියල් 35 ත් 45 ත් අතර මිලකින් ඉහළ දැමීමට ප්‍රීමා සමාගම පියවර ගත්තේ ය.