27.2 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalබලශක්ති අර්බුදය ගැන කතා කරන්න ඉඩ දුන්නේ නැහැ

බලශක්ති අර්බුදය ගැන කතා කරන්න ඉඩ දුන්නේ නැහැ

බලශක්ති අර්බුදය පිළිබඳ විවාදයේදී තමාට පාර්ලිමේන්තුව ඇමතීමේ අවස්ථාව අහිමි වූ බව හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

හිටපු අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි.

හිටපු අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්වෙන්නේ, තමන්ට කාලයක් ලබා දෙන ලෙස ඉල්ලා ලිඛිතව ඉල්ලීමක් සිදු කළ ද ඒ සඳහා අවසර දිය නොහැකි බව ආණ්ඩු පක්ෂයේ සංවිධායක කාර්යාලය තමන්ට දැන්වූ බවයි.

කෙසේ වෙතත්, පසුව ගම්මන්පිල මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අමතා මේ පිළිබඳ දැනුම් දී තිබේ.

එහිදී ඒ පිළිබඳව සලකා බලන බව ඔහු ප්‍රකාශ කර ඇතත්, පසුව පවසා ඇත්තේ, ලැයිස්තුව පිරී ඇති බැවින් හිටපු අමාත්‍යවරයාට කතා කිරීමට අවසර ලබා දිය නොහැකි බවයි.