25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශෂී වීරවංශට එරෙහි නඩුවේ තීන්දුව කල්යයි

ශෂී වීරවංශට එරෙහි නඩුවේ තීන්දුව කල්යයි

ව්‍යාජ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට එරෙහි නඩුවේ තීන්දුව ලබාදීම ලබන මැයි මස 06 වැනිදාට කල් තැබිණ.

අද (11) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා හමුවේ එම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම තීන්දුව දී තිබේ.

නඩුවේ තීන්දුව අද ලබා දීමට මීට පෙර නියම කර තිබිණ. ඒ පැමිණිල්ලේ හා විත්තියේ සාක්ෂි කැඳවීම අවසන් කිරීමෙන් පසුවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2015 ජනවාරි 23 වැනිදා මෙම නඩුව පවරනු ලැබුවේ, ව්‍යාජ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධව ආගමන හා විගමන පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමිනි.