― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඅත්‍යවශ්‍ය ආහාරවල මිල තවත් ඉහළට

අත්‍යවශ්‍ය ආහාරවල මිල තවත් ඉහළට

එළඹෙන උත්සව සමයේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

මෙරට පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ ආනයනික භාණ්ඩවල මිල තීරණය වන ආකාරය සම්බන්ධයෙන් තවමත් ගැටලු සහගත තත්ත්වයක් පවතින බව ඔවුන් පෙන්වාදෙයි.

ඒ අනුව, ආහාර ද්‍රව්‍යවල මිල ගණන් තීරණය වන ආකාරය පිළිබඳව ඉදිරි සතියේදී යම් එකඟතාවයකට එළඹීමට හැකිවනු ඇති බවට අපේක්ෂා කරන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේය.

මේ අතර, අද (12) සිට ක්‍රියාත්මක වන පරිදි පාන්, බත් පාර්සල්, තේ සහ බේකරි නිෂ්පාදන වල මිල ඉහළ නංවා තිබේ.

ග්‍රෑම් 450 පාන් රාත්තලක මිල රු30කින් ඉහළ නංවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කළේය.

තිරිඟු පිටි මිල ඉහළ නැංවීමත් සමග මෙම තීරණය ගෙන ඇති අතර සෙසු බේකරි නිෂ්පාදන වල මිලද රුපියල් 10කින් ඉහළ යා හැකි බව වාර්තා වේ.

මීට අමතරව කෑම පැකට්ටුවක මිල රුපියල් 20කින් හෝ 30කින් ඉහළ යා හැකි බව ආපන ශාලා හිමියන්ගේ සංගමය සඳහන් කළේය.

ඉන්ධන මිල ඉහළයාම හමුවේ සියලු භාණ්ඩ මිල ඉහළයාමක් සිදුවන අතර ඉදිරියේ දී මෙම තත්ත්වය තවත් උග්‍ර විය හැකි බව ද ඔවුන් පෙන්වා දෙයි.