26.7 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබැසිල්ගේ ඉන්දියානු සංචාරය ලබන සතියේ

බැසිල්ගේ ඉන්දියානු සංචාරය ලබන සතියේ

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ලබන සතියේදී ඉන්දියානු සංචාරයේ නිරතවීමට නියමිතය.

පසුගිය ජනවාරි මාසයේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජායිශංකර් සමග පැවැත්වූ වීඩියෝ සංවාදයේදී දෙරට අතර ආර්ථික සහයෝගිතාව ඉහළ නැංවීම සහ නව ආයෝජන ව්‍යාපෘති පිළිබඳව අදහස් හුවමාරු කරගෙන තිබේ.

විදේශ විනිමය අර්බුදයකට මුහුණදී සිටින ශ්‍රී ලංකාවට සහන පැකේජයක් ලබාදීමටද එහිදී ඉන්දියාව එකඟත්වය පළ කර ඇති අතර එහිදී ඩොලර් මිලියනයක මූල්‍යාධාරයක් ලබා ගැනීමට අදාළව මුදල් අමාත්‍යවරයා ඉන්දියාව වෙත යාමට සැලසුම් කර ඇත.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා පසුගිය 08 වැනිදාද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමග දුරකථන සංවාදයක නිරත වී අතර එහිදී ශ්‍රී ලංකාවට හැකි සියලු ආකාරයෙන් සහය වන බවට ප්‍රතිඥාවක් ලබා දී තිබේ.

මුදල් අමාත්‍යවරයාගේ මීළඟ ඉන්දීය සංචාරය ඔහුට පහසු දිනයකදී සිදු කිරීමට එහිදී එකඟ වී ඇති අතර ඒ අනුව මුදල් අමාත්‍යවරයා ඉදිරි සතියේ ඉන්දියාව බලා යාමට නියමිතය.