― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalඩොලරය පා කළේ විපක්ෂයේ කීමටයි

ඩොලරය පා කළේ විපක්ෂයේ කීමටයි

ඩොලරය පා කළේ විපක්ෂයේ කීමට බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ පැවසීය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (12) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ඉහළ දැමුවේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටයි. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 77 කින් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 76 කින් වැඩි කෙරුණා. ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 55 කින් ඉහළ දැමුණු අතර සුපර් ඩිසල් ලීටරයක මිල වැඩි කෙරුණේ රුපියල් 95 කින්.

ඒ අනුව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් මගින් නිකුත් කෙරෙන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 254 ක් වන අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 283 ක් දක්වාත් ඉහළ ගොස් තිබෙනවා. ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 176 ක්.

සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 254 ක් දක්වා වැඩි වී තිබෙනවා. කෙසේවෙතත් ඛනිජතෙල් නීතිගත සංස්ථාව භූමිතෙල් මිල ගණන් වෙනස් කර නැහැ.”

මිල ඉහළ දැමුවද ඩීසල් අලෙවියෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට තවදුරටත් පාඩු ලැබීමට සිදුවන බව එම සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පවසයි.

පවතින තත්ත්වයන් යටතේ ඩීසල් ලීටරයක මිල රුපියල් 120 කින් වැඩිකළ යුතු වුවත් ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිදු කෙරුණු සංශෝධනයේදී ඩීසල් ලීටරයක මිල වැඩි කෙරුණේ රුපියල් 55 කින් පමණක් බව ඔහු අවධාරණය කරයි.

ඉන්ධන මිල ඉහළ දැමුනද, ඩීසල් ලබාගැනීම සඳහා අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල පිරවුම්හල් ආශ්‍රිතව දිගු පෝළිම් දක්නට ලැබුණු අතර ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පැවසුවේ පසුගිය පෙබරවාරි මාසයේදී සහ මෙම ගතවූ කාල සීමාවේදී දෛනික පෙට්‍රල් ඉල්ලුම මෙට්‍රික් ටොන් 1000 කින් සහ දෛනික ඩීසල් ඉල්ලුම මෙට්‍රික් ටොන් 2500 කට වැඩි අගයකින් ඉහළ ගොස් ඇති බවයි.