26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරුසියාවට එරෙහිව යුද නොවදින බවට අමෙරිකාවෙන් සහතිකයක්

රුසියාවට එරෙහිව යුද නොවදින බවට අමෙරිකාවෙන් සහතිකයක්

මේ වනවිට පවතින යුදමය වාතාවරණය හමුවේ කිසිඳු හේතුවක් මත අමෙරිකානු හමුදාව යුක්රේනයට නොයවන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසන්නේ ශක්තිමත් නේටෝ සංවිධානය සමග සෑම විටම එක්ව සිටින අමෙරිකාව නේටෝ හමුදාව විසින් ආරක්ෂා කරන භූමි ප්‍රමාණයේ සෑම බිම් අගලක්ම ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවයි.

එහෙත් යුක්රේනය පදනම් කරගනිමින් රුසියාවට එරෙහිව යුද නොවදින බවයි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අවධාරණය කර ඇති අතර අමෙරිකාවේ ද මැදිහත්වීම මත නේටෝ සංවිධානය සහ රුසියාවට අතර ඍජු ගැටුමක් වර්ධනය වුවහොත් එය 03 වන ලෝක යුද්ධයේ ආරම්භය විය හැකි බව අමෙරිකානු ජනාධිපතිවයා සිය ට්විටර් පණිවිඩයෙන් පෙන්වා දී තිබේ.

ඒ අනුව අමෙරිකානු හමුදාවන් යුක්රේනයට යැවීම සම්බන්ධයෙන් වූ යෝජනා, සාකච්ඡා මේසයෙන් බැහැර වූ බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කරයි.