― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsශිෂ්‍යත්ව ප්‍රතිඵල අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරේ

ශිෂ්‍යත්ව ප්‍රතිඵල අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරේ

2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (12) රාත්‍රියේදී නිකුත් කිරීමට සූදානම් වන ලෙස සිය නිලධාරින්ට උපදෙස් දුන් බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.

ඒ අනුව එම ප්‍රතිඵල අද රාත්‍රියේදී නිකුත් කිරීමට නියමිතය. 2021 පහ වසර ශිෂ්‍යත්ව විභාගය පසුගිය ජනවාරි මස 22 වැනි සෙනසුරාදා පැවැත්විණි.

ශිෂ්‍යත්ව විභාගය සඳහා සිංහල මාධ්‍යයෙන් දරුවන් 255,062ක්, දෙමළ මාධ්‍යයෙන් 85,446ක් පෙනී සිටි අතර සමස්ත සංඛ්‍යාව 340,508ක්. විභාග මධ්‍යථාන 2943ක පැවැත්වුණු මෙවර ශිෂ්‍යත්ව විභාගය කොවිඩ් -19 ආසාදිත දූ දරුවන් වෙනුවෙන් විශේෂ විභාග මධ්‍යස්ථාන 108ක් ක්‍රියාත්මක කෙරිණි.