අද (12) සහ හෙටත්(13) විදුලි කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී තිබේ.
ඒ අනුව අද දිනයේ A,B,C,D,E,F,G,H,I,J,K,L ඛාණ්ඩයට අයත් ප්රදේශවලට, පෙරවරු 8.00 සිට සවස 6.00 අතර පැය 2 හමාරක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.
සවස 6.00 සිට රාත්රී 11.00 දක්වා පැය 1 යි විනාඩි 15 ක් විදුලිය කප්පාදු කිරිමට නියමිත ය.
මීට අමතරව P,Q,R,S,T,U,V,W ඛාණ්ඩයට අයත් ප්රදේශවලට අද සවස 5.00 සිට රාත්රී 9.00 අතර පැයක කාලයක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කළේ ය.
මේ අතර , මාර්තු මස 13 වැනිදා එනම් හෙට දිනයේ A,B,C,D,E,F,G,H,I,J,K,L ඛාණ්ඩයට අයත් ප්රදේශවලට පෙරවරු 9.00 සිට පස්වරු 5.00 අතර පැය 2ක් සහ පස්වරු 5.00 සිට රාත්රි 10.00 දක්වා පැයයි විනාඩි 15 ක් විදුලිය කප්පාදු කෙරේ.
හෙට සවස 5.00 සිට රාත්රී 9.00 අතර P,Q,R,S,T,U,V,W ඛාණ්ඩයට අයත් ප්රදේශවලට පැයක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කරයි.