― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsසිපෙට්කෝ ඉන්ධන මිලත් ඉහළට

සිපෙට්කෝ ඉන්ධන මිලත් ඉහළට

ලංකා ඛනිජ තෙල් සංස්ථාව වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල වැඩි කර තිබේ.

ඒ අනුව ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 55කින් වැඩි කර ඇති අතර එහි නව මිල රුපියල් 176 කි.

සුපර් ඩීසල් මිල රුපියල් 95 කින් වැඩි කර ඇති අතර ඒ අනුව එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 254ක් ලෙසයි.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 254 ක් වන අතර එහි මිල වැඩිවීම රුපියල් 77 කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 76 කින් වැඩිකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 283 කි.

මෙම මිල වැඩිකිරීම 11 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කෙරේ. මේ අතර ඊයේ (10) ලංකා අයි ඕ සී සමාගමද ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කළේය.

ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි එම සමාගම අලෙවි කරන සෑම වර්ගයකම පෙට්‍රල් ලීටරයක් රුපියල් 50 කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 75කින් මිල ඉහළ නංවන බව එම සමාගම නිවේදනය කළේය.

එය මෑත ඉතිහාසයේ මෙරට ඉන්ධන මිල එකවර වැඩිකළ පළමු අවස්ථාව වෙයි.

ඒ අනුව මෙතෙක් රුපියල් 204ක්ව පැවති IOC ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 254ක් දක්වා ඉහළ නංවා තිබේ.

රුපියල් 233ක්ව පැවති IOC ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 283ක් ලෙසය.

යුරෝ 3 පෙට්‍රල් ලීටරයක් මෙතෙක් පැවතියේ රුපියල් 213ක් වන නමුත් මෙම මිල සංශෝධනයත් සමග එය රුපියල් 263 දක්වා වැඩි වෙයි.

මෙතෙක් රුපියල් 139ක්ව පැවති IOC ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 214 ක් වන අතර රුපියල් 174ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 249ක් විය.

‘එක්ස්ට්‍රා මයිල්’ ඩීසල් ලීටරයක මිලද රුපියල් 145 සිට රුපියල් 220 දක්වා ඉහළ නංවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පැවසුවේ ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල දෙවතාවක් අවප්‍රමාණවීම හේතුවෙන් මෙලෙස මිල ඉහළ දැමීමට සිදුවූ බවය.