27.8 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව උද්ඝෝෂණ මාලාවක් රටපුරා ක්‍රියාත්මක කරනවා

ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව උද්ඝෝෂණ මාලාවක් රටපුරා ක්‍රියාත්මක කරනවා

ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව උද්ඝෝෂණ මාලාවක් රටපුරා ක්‍රියාත්මක කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පවසයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ ඊයේ 12 දින පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා මේ බව පවසා සිටියා.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව

ජනතාවට අපි කියනවා මේක ඉවසන් ඉන්න එපා පාරට එන්න වීදි බහින්නේ සටන් කරන්න. මේ ප්‍රතිපත්තියම පරාජය කරන්න පාරට එන්න කියලා අපි ජනතාවට කියනවා. ඒ සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලබන සදුදා අපි උද්ඝෝෂණ මාලාවක් රටපුරා ක්‍රියාත්මක කරනවා. ලබන සදුදා හවස පහට අපි ඒක මහරගමින් පටන් ගන්නවා. තව දිස්ත්‍රික්ක ගණනාවක අපි ඒක ඉස්සරහට අරගෙන යනවා