― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalජනතාව මේ තරම් පාරට දාපු ආණ්ඩුවක් ඉතිහාසයේ තිබුණේ නැහැ

ජනතාව මේ තරම් පාරට දාපු ආණ්ඩුවක් ඉතිහාසයේ තිබුණේ නැහැ

මෙම වසරේ රාජපක්ෂ පාලනයේ විනාශය ලියවුණත් රාජපක්ෂ පවුලේ පාලනය රට විනාශයට පත් කර තිබීම ප්‍රශ්නයක් මෙන්ම කනගාටුවට කරුණක් බවත් ජනතාව මේ තරම් පාරට දාපු ආණ්ඩුවක් ඉතිහාසයේ නොතිබූ බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැවසුවාය.

ඇය මේ බව ප්‍රකාශ කළේ අද (13) මීරිගම මැතිවරණ බල ප්‍රදේශයේ සමගි ජන බලවේගයේ කාන්තා බල මණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙසේද කීවාය.

“ජනාධිපතිවරණයේදී ගෝඨාභය දිනුවොත් රටට මෙහෙම වෙන බව අපි පැහැදිලිවම කිව්වා. සමහර මාධ්‍ය එකට එකතු වෙලා මේ රට විනාශ කළා. අපිට සජිත් බලයට ගෙනත් හොඳ රටක් හදන්න ඕන වුණා වගේම හැට නම ලක්ෂයට ඕන වුණෙත් හොඳ රටක් හදන්නයි. එහෙම වුණත් සමහර මාධ්‍ය වැඩ බැරි ටාසන් කෙනෙක් වීරයෙක් කලා.

අද වෙද්දී රටේ දුප්පත් මිනිහා පමණක් නොවෙයි යමක් කමක් කර ගත හැකි පුද්ගලයාත් අසරණ කරන්න සමත් වෙලා ඉවරයි. අපි බැන බැන ඉන්නවා. අපි කවද වෙනකන් බැන බැන ඉන්නද. පැය දෙක තුනෙන් පටන් අරන් පැය හත අට දැන් විදුලිය කපනවා. ඉදිරියේදී පැය විසිහතරමත් කපයි.

අද පවතින මේ රාජපක්ෂ වියරුව ඉවර කරන්නට අපි එකාවන්ව එළියට බහිමු. රාජපක්ෂලා කියන්නේ මහකෙරුමෝ නොවෙයි. අපි නැගිටිනකොට ඔවුන් දුවන එක දුවනවාමයි. ජනතාව මේ තරම් පාරට දාපු ආණ්ඩුවක් ඉතිහාසයේ තිබුණෙත් නෑ අනාගතයේ ඇති වෙන්නෙත් නෑමයි.

රාජපක්ෂලා හිතන්නේ ඒ අයගේ දරුපවුල් කාලා බීලාහිටියොත් ඇති කියලා විතරයි. අද රටේ තියෙන තත්ත්වය පුරුෂයන්ටත්වඩා වැඩිපුරම තේරෙන්නෙ කාන්තා අපිටයි. ඒ නිසා කාන්තාවෝ අපි එකට එකතු වෙලා එළියට බහින්න ඕනෑ. ඒ අවස්ථාව දැන් උදා වෙලා තියෙනවා.

රාජපක්ෂලා මේ රට සලකන්නේ ඔවුන්ගේ කොම්පැනියක් විදිහටයි. ලාභය එකතු කරගෙන ඔවුන්ගේ රටවලට යන්න සූදානම්ව ඉන්නවා. ඔවුනට මේ රට කොම්පැනියක් වුණාට මේක අපේ රට. අපි මේ රටේ ජීවත් වෙන්න ඕනේ, මැරෙන්න ඕන.

අද රට කරවන්නේ අනුරාධපුරේ ඉන්න කාන්තාවක්. අපේ ප්‍රශ්න කියන්න ජනාධිපති හොයාගෙන ගියාම එතුමා එතුමගේ ප්‍රශ්න කියන්න ඒ කාන්තාව හොයාගෙන ගිහින් තිබුණා. කාලි මෑණියන්ගේ වරමින් රටේ අනාගතය තීරණය කරන්න කාන්තාවකට ඉඩ දීම හරිද.

අද ඇමතිකම් දෙන්නෙත් රටේ වැඩ කෙරෙන්නෙත්ඒ කාන්තාවට ඕන විදිහටයි. ඒ වගේම කට උල් කරගෙන ආවට ජනතා විමුක්ති පෙරමුණ ගැන බලාපොරොත්තු තියන්නත් එපා. ඒ අය දන්නෙ විවේචනය කරන්න විතරයි.”