23 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsශිෂ්‍යත්ව ප්‍රතිඵල අද නිකුත් කෙරේ

ශිෂ්‍යත්ව ප්‍රතිඵල අද නිකුත් කෙරේ

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (13) දිනය තුළ ලබා දීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එහි ප්‍රකාශකයෙකු සඳහස් කළේ, ඊට අදාළ කටයුතු මේ වනවිට සම්පාදනය කරමින් සිටින බවයි.

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අපේක්ෂකයින් තුන් ලක්ෂ හතලිස් දහස් පන්සිය අට දෙනෙකු පෙනී සිටිය හ.

ඉන් 85,440 දෙනෙකු දෙමළ මාධ්‍ය අයදුම්කරුවන් වේ.

මේ අතර මෙවර අපොස උසස්පෙළ විභාගයේ දෙවනි අදියරේ ඇගයීම් කටයුතු ලබන සිකුරාදා සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

විභාග කොමසාරිස් ජනරාල්, එල් .එම් .ජේ. ධර්මසේන මහතා පැවසුවේ, ලබන 31 වැනිදා දක්වා එම ඇගයිම් කටයුතු සිදුකරන බවයි.

විභාග ඇගයීම් කටයුතු සඳහා ගුරුවරුන් 10,000 කට ආසන්න පිරිසක් මෙවර සහභාගි වීමට වනු ඇත.

මාස 3 ක් ඇතුළත අ.පො.ස. උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කරන බවද විභාග කොමසාරිස් ජනරාල් එල් .එම් .ජේ ධර්මසේන මහතා සඳහන් කළේ ය.