25 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද සිට සියලු සිසුන් පාසල් වෙත කැඳවයි

අද සිට සියලු සිසුන් පාසල් වෙත කැඳවයි

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිසුන් ලබන අද (14) සිට සාමාන්‍ය පරිදි පාසලට කැඳවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ සම්බන්ධයෙන් වන චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් ඇත.
කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ පාසල පවත්වාගෙන යාම සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වුවහොත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගේ අනුමැතිය යටතේ අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ප්‍රකාශ කළේය.

පැවති කොවිඩි වසංගත තත්වය මත ශිෂ්‍ය සංඛ්‍යාව පදනම් කර ගනිමින් කාණ්ඩ ලෙස මීට පෙර පාසල්වලට සිසුන් කැඳවනු ලැබීය.